නේපාලය හා චීනයේ මහා ගංවතුරෙන් මරණ 680 ඉක්මවයි; දහස් ගණනක් තවමත් අතුරුදන්

සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) අගෝස්තු 30දින :
නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයට බලපෑ දැවැන්ත ගංවතුර හා නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 680 ඉක්මවා තිබේ. එමෙන්ම දහස් ගණනක් තවමත් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

අගෝස්තු 26 වැනිදා හිමාලයානු කලාපයේ ඇති වූ ග්ලැසියර කඩා වැටීමක් හේතුවෙන් විශාල ජල, මඩ සහ ගල් ප්‍රවාහයක් ඇතිවීම මෙම විනාශයට හේතු වී ඇති බව බලධාරීන් පවසයි.

නේපාලයේ පමණක් මරණ 675ක් පමණ වාර්තා වී ඇති අතර, පුද්ගලයන් 3,000කට වැඩි පිරිසක් අතුරුදන්ව සිටින බව නවතම වාර්තා සඳහන් කරයි. චීනයේ ටිබෙට් ප්‍රදේශයෙන්ද මරණ සහ අතුරුදන්වීම් වාර්තා වී තිබේ.

දුරස්ථ කඳුකර ප්‍රදේශවලට ළඟාවීම අතිශය දුෂ්කර වී ඇති අතර, මාර්ග සහ පාලම් විනාශ වීම හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් දැඩි අභියෝගයකට මුහුණ දී තිබේ. අයහපත් කාලගුණය හේතුවෙන් නේපාලයේ ගුවන් ගලවා ගැනීමේ මෙහෙයුම් ද තාවකාලිකව අඩාල වී ඇත.

එක්සත් ජනපදය ආපදා සහන කටයුතු සඳහා ලබාදෙන මානුෂීය ආධාරය ඩොලර් මිලියන 3.6ක් ලබා දෙන බවට නිවේදනය කර ඇති අතර ගංවතුරෙන් විනාශ වූ ප්‍රදේශවලින් දිවි ගලවාගත් පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යමින් සිටින අතර, සහන හා සෙවීම් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මෙය නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශය මුහුණ දුන් දරුණුතම ස්වභාවික ආපදාවන්ගෙන් එකක් බවට පත්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...

කාවන්තිස්සට මියයන්න වෙන්නේ ….

කාවන්තිස්සට මියයන්න වෙන්නේ පොහොසත් රටක ලස්සන ජීවිතයක් අපි ගතකරන...

අද (17) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 17) දිනයේදී දිවයිනේ බොහෝ...