පෙරියතම්පනේදී දිවිපිදූ අභීත රණවිරුවාගේ පවුලේ සුවදුක් සොයා යුද්ධ හමුදාධිපතිතුමන් රණවිරු නිවසට

අගෝස්තු 30 LNW :

දේශයේ මුරදේවතාවෙකු ලෙස මවුබිම වෙනුවෙන් උතුම් වූ ජීවිත පරිත්‍යාගය කළ 7 වන සිංහ රෙජිමේන්තුවට අයත් පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ සැරයන් අනුර ඒ.එම් විරුවාණන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පසුගියදා එම නිවස වෙත පැමිණියේය.

2007 නොවැම්බර් මස 11 වන දින පෙරියතම්පනේ ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී එල්ල වූ සතුරු වෙඩි ප්‍රහාරයකින් සැරයන් අනුර බරපතල ලෙස තුවාල ලැබීය. එසේ බරපතල තුවාල ලබා සිටියදී පවා තමා ලැබූ තුවාල නොතකා, සිය කණ්ඩායම වෙත ධෛර්යය ලබා දෙමින් මෙහෙයුම ඉදිරියටම කරගෙන යන ලෙස දිරිගන්වූ මොහු එම ප්‍රහාරයෙන් සිදුවූ බරපතල තුවාල හේතුවෙන් මවුබිම වෙනුවෙන් දිවි පිදුවේය. එදා සටන් බිමේදී පෙන්වූ නිර්භීතභාවය වෙනුවෙන් ඔහු පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීය.

එලෙස අභීත ලෙස දිවි පිදූ රණවිරුවාගේ බිරිඳ වන පී. සුනන්ද විජේලතා මහත්මිය සහ දියණිය හා පුතු ඇතුළු පවුලේ සාමාජිකයන් මරදන්කඩවල පිහිටි ඔවුන්ගේ නිවසේදී හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට හා ගෞරවයට පාත්‍ර විය.

එහිදී එම පවුලේ සාමාජිකයන් සමග සුහද පිළිසඳරක යෙදුණු හමුදාධිපතිතුමා, ඔවුන්ගේ වත්මන් සුවදුක් සහ සුබසාධන කටයුතු පිළිබඳව විශේෂ අවධානය යොමු කළේය. තවද, එම පවුලට අවශ්‍ය ඉදිරි සුබසාධන පහසුකම් සහ අවශ්‍යතාවන් හඳුනාගනිමින් ඒවා කඩිනමින් ඉටුකර දීමට කටයුතු කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් අද අනුරාධපුරයේ

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

බටහිර ඉවුරේදී යුරෝපා රාජ්‍යතාන්ත්‍රිකයන්ට ඊශ්‍රායල පදිංචිකරුවන්ගෙන් ප්‍රහාරයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: පලස්තීන බටහිර...

කිරිඳිවැල සිනමා ශාලාවක සඟවා තිබූ ගිනිඅවි සහ ජීව උණ්ඩ තොගයක් අත්අඩංගුවට !

කිරිඳිවැල ප්‍රදේශයේ සිනමා ශාලාවක සඟවා තිබූ ගිනිඅවි, ජීව උණ්ඩ...

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 18) දිනයේදී දිවයිනේ බොහෝ...