සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) අගෝස්තු 30දින : ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා කාමෙනෙයි සැබෑ සතුරා හඳුනාගෙන එයට එරෙහිව එක්වන ලෙස ගල්ෆ් කලාපයේ රටවලින් ඉල්ලා තිබේ.
ඉස්ලාමීය රටවල් වෙනුවෙන් නිකුත් කළ ලිඛිත පණිවිඩයකදී ඔහු කියා ඇත්තේ මුස්ලිම් රටවල් අතර බෙදීම් ඔවුන්ගේ විරුද්ධවාදීන්ගේ වාසියට හේතුවන බවයි. එමෙන්ම මුස්ලිම් රටවල් අතර සහයෝගීතාව, එකමුතුව සහ අන්යෝන්ය ආරක්ෂාව ශක්තිමත් කළ යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කර ඇත.
කාමෙනෙයිගේ පණිවිඩයේදී පලස්තීන ජනතාව මුහුණ දෙන තත්ත්වයද සඳහන් කරමින්, මුස්ලිම් රටවල් එක්සත්ව සිටියේ නම් පලස්තීනුවන් මෙතරම් අසරණ තත්ත්වයකට පත්වනු ඇත්දැයි ප්රශ්න කර ඇති අතර ඉරාන රාජ්ය මාධ්ය උපුටා දක්වමින් Anadolu වාර්තා කරන්නේ, කාමෙනෙයි ඇමෙරිකාව සහ ඊශ්රායලය ඉස්ලාමීය එක්සත්කමට “ප්රධාන සතුරන්” ලෙස හඳුන්වා ඇති බවයි.

