සටහන – රුවන් නෙළුගොල්ල
ඊයේ (30) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි පෙට්රල් මිල අඩුකිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ.
ඒ අනුව, ලංකා පෙට්රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 15.00 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 399.00ක් වේ.
ලංකා පෙට්රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 20.00 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 475.00 කි.
සුදු ඩීසල්, සුපිරි ඩීසල් සහ භූමිතෙල් යන ඉන්ධනවල මිල වෙනස් කර නොමැත.



