22ට එරෙහිව මාලිමා විධායක සභික ලාල් විජේනායකගෙනුත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතීඥ ලාල් විජේනායක මහතා ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

මෙම සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් එය ජනමත විචාරණයකින් සම්මත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් ලාල් විජේනායක මහතා පවසන්නේ 22 වැනි සංශෝධනයට එරෙහි විරෝධය ආණ්ඩුව සහ දේශපාලන පක්ෂ අතර පවතින දේශපාලන ගැටුමක් ලෙස පමණක් හඳුන්වාදීම ජනතාව නොමඟ යැවීමක් බවයි. අධිකරණයේ ස්වාධීනත්වය සඳහා සටන ඊට වඩා පළල්, ජනතාව දීර්ඝ කාලීන හා ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ සටන් තුළින් දිනා ගත් ශිෂ්ට සම්පන්න සමාජයක ශිෂ්ට සම්පන්න පුරවැසියන් ලෙස ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කිරීමේ සටනක් බවත් ඒ මහතා සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.

ලාල් විජේනායක මහතා විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


අධිනීතීඥ ලාල් විජේනායක,
නීතීඥ කාර්යාල සංකීර්ණය,
අංක:491,
විලියම් ගොපල්ලව මාවත,
මහනුවර.

22 වන ව්‍යවස්ථා සංශෝධනය නොහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධන හදිසියේම පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා ක්‍රියාවලිය තුළින් රටේ මහත් අර්බුදකාරී තත්ත්වයක් මතු කර ඇත.

අප තේරුම් ගත යුතු වැදගත් කරුණ වන්නේ මෙම ක්‍රියාවලිය තුළින් ප්‍රජාතාන්ත්‍රවාදී රටවල පිළිගෙන ඇති අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන කුළුණක් වන උපරිමාධිකරණය විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස ඇතුළු වරප්‍රසාද තම සේවා කාලය තුළදී වෙනස් කළ නොයුතුව යන මූලධර්මය කඩ කිරීමකි. මෙම මූලධර්මය අධිකරණයේ ස්වාධීනත්වය රඳා පවතින ප්‍රධාන කුළුණක් ලෙස අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කරන සියළු රටවල පිළිගත් මූලධර්මයකි. එහෙයින් මෙම පියවර ප්‍රජාතාන්ත්‍ර වාදයට ද පහරක් බව පිළිගෙන ඇත. අධිකරණයේ ස්වාධීනත්වයට එල්ලවන සෑම පහරක්ම ප්‍රජාතාන්ත්‍රවාදය, මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් කෙරෙහි එල්ලවන පහරක් වේ.

අධිකරණයේ ස්වාධීනත්වය යන ප්‍රජාතාන්ත්‍රවාදයේ හදවත ජනතාවට ලබා දී ඇති වර ප්‍රසාදයක් බව ප්‍රකාශ වන නමුත් ඇත්තෙන්ම එය ප්‍රධානයක් ලෙස ජනතාවට ලබා දුන් වරප්‍රසාදයක් නොව දීර්ඝ කාලයක් ප්‍රගතිශීලී බලවේග ගෙන ගිය සටන් තුළින් ජනතාව දිනා ගත් ප්‍රධාන අයිතියකි. මෙය දීර්ඝ කාලයක් ඉමහත් පරිත්‍යාගයකින් ගෙන ගිය සටනක ප්‍රතිඵලයකි.

විධායකයෙන් හා ව්‍යවස්ථාදායකයෝ අධිකරණය ස්වාධීන විය යුතු වන්නේ විධායක හා ව්‍යවස්ථාදායකය තුළින් ජනතාවගේ අයිතීන් කෙරෙහි එල්ල විය හැකි ප්‍රජාතාන්ත්‍රවාදයට පටහැනි මූලික හා මිනිස් අයිතිවාසිකම් වලින් ජනතාව මුදා ගත හැකි එකම ආයතනය අධිකරණය වන හෙයින්ය. ව්‍යවස්ථාදායකයෙක් හෝ විධායකයෙක් වන්නා වූ මූලික හා මානව හිමිකම් කඩවීමකදී ජනතාවට යුක්තිය ඉටු කර ගත හැකි එකම වේදිකාව අධිකරණයයි. අධිකරණයට එවැනි පුරවැසියෙකු හා විධායකය හා / හෝ ව්‍යවස්ථාදායකය අතර ඇති විය හැකි ගැටීමකදී මැදිහත් වී ස්වාධීනව නීතීය ක්‍රියාත්මක කරමින් පුරවැසියෙකුගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අවස්ථාවක් නොලැබේ නම් පුර වැසියන් වහලුන් බවට පත් වේ.

මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් අර්ථවත් වන්නේ පුරවැසියෙකු හා විධායකයෙකු අතර ඇති අර්බුදයකදී නීතිය අර්ථ කථනය කරමින් පුරවැසියන් බලවත් විධායකයෙන් ආරක්ෂා කිරීම පමණකි.

එහෙයින් අධිකරණයේ ස්වාධීනත්වය කඩ කිරීම නඩු විමසීම කඩිනම් කිරීම සඳහා ගන්නා ලද පියවරක් බවට ප්‍රකාශ කිරීම මුසාවකි. එමගින් ස්වාධීන අධිකරණයන් සතුව ප්‍රධාන කාර්යභාරය ඉටු කිරීමට වැළකී යනු ඇත.

එහෙයින් 22 වන සංශෝධනයට විරුද්ධ සටන හුදෙක් ආණ්ඩුව හා පක්ෂයන් අතර හෝ පක්ෂ අතර සටනක් ලෙස ගෙන හැර දැක්වීම ජනතාව නොමඟ යැවීමකි. අධිකරණයේ ස්වාධීනත්වය සඳහා සටන ඊට වඩා පළල් ජනතාව දීර්ඝ කාලීන හා ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ සටන තුළින් දිනා ගත් ශිෂ්ට සම්පන්න සමාජයක ශිෂ්ට සම්පන්න පුරවැසියන් ලෙස ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කිරීමේ සටනකි.

ජනතාව ඉදිරියේ ඇති විකල්පය වන්නේ පක්ෂයක් ආරක්ෂා කරන්නේ ද යන්න නොව දීර්ඝ කාලීන ඉමහත් කැපවීමකින් සටන් කර ජනතාව දිනා ගත් මෙම ශිෂ්ට සම්පන්න සමාජයක ශිෂ්ට සම්පන්න පුරවැසියන් ලෙස ජීවත්වීමේ අයිතිය අප මතු පරම්පරාවට ඉතිරි කර යන්නේ ද යන සටනයි.

මෙයට,
අධිනීතීඥ ලාල් විජේනායක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...

කාවන්තිස්සට මියයන්න වෙන්නේ ….

කාවන්තිස්සට මියයන්න වෙන්නේ පොහොසත් රටක ලස්සන ජීවිතයක් අපි ගතකරන...