රෂිකා හෙන්නායක අගෝස්තු 31 , කොළඹ LNW :
පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතාට එල්ල වී ඇති දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා ඔහු අද දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.
මෙම පරීක්ෂණය සිදුවන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවකයින් පිරිසක් රජයේ වැටුප් මත සිය දේශපාලන කටයුතු සඳහා යොදාගනිමින් රාජ්ය දේපළ අවභාවිත කිරීමේ සිද්ධියක් මුල් කරගනිමිනි.
මීට පෙර අවස්ථාවලදී පෞද්ගලික හේතූන් මත ඔහු කොමිසම හමුවට පැමිණීම මඟ හැර තිබූ අතර, ඒ හේතුවෙන් පසුගියදා නිලධාරීන් ඔහුගේ නිවස වෙත පවා ගොස් තිබුණි.
කෙසේ වෙතත්, නීතිඥවරුන් මාර්ගයෙන් කළ ඉල්ලීමකට අනුව ලැබුණු නව දිනය අනුව මන්ත්රීවරයා මෙම විමර්ශනයට සහාය දැක්වීමට නියමිතව ඇත.


