සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) අගෝස්තු 31දින : ඇමරිකා එක්සත් ජනපදය ඊයේ(30)දිනයේදී ඉරානයේ ලරාක් දූපතේ පිහිටි ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) අයත් රොකට් දියත්කරණ දෙකකට ප්රහාර එල්ල කිරීමෙන් අනතුරුව, ඉරානය ජෝර්දානයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු වෙත බැලස්ටික් මිසයිල ප්රහාර එල්ල කර තිබේ.

ප්රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු නිලධාරීන් පවසා තිබුනේ, ලරාක් දූපතේ සිට හෝමුස් සමුද්ර සන්ධියට මුහුදු බෝම්බ යෙදවීමට හැකි රොකට් සූදානම් කරමින් සිටි බවට තොරතුරු ලැබීම හේතුවෙන් මෙම ප්රහාරය සිදුකළ බවයි.
ප්රහාරයෙන් ඉරාන සෙබළුන් සහ සිවිල් වැසියන් කිහිපදෙනෙකු මියගොස් හෝ තුවාල ලබා ඇති බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය ප්රකාශ කර ඇති නමුත් නිශ්චිත මරණ හෝ තුවාල සංඛ්යාවක් මෙතෙක් ප්රකාශ කර නොමැත.
මෙම එමෙන්ම ප්රහාරයට “ප්රතිචාර සහ දඬුවමක්” වශයෙන් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකාය ජෝර්දානයේ ඇමරිකානු හමුදා ස්ථාන දෙකක් ඉලක්ක කර මිසයිල සහ ඩ්රෝන ප්රහාරයක් එල්ල කර තිබූ අතර ජෝර්දාන හමුදාව පවසන්නේ තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් එරට ගුවන් සීමාවට ඇතුළු වූ මිසයිල අටක් විනාශ කර ඇත.
ඇමරිකා–ඉරාන ගැටුම මාස හයකට වැඩි කාලයක් පුරා පැවති අතර, මෑත සති කිහිපයේ පැවති සාපේක්ෂ නිහඬතාවය බිඳ දමමින් මෙම නව ප්රහාර මාලාව සිදුවීම කලාපයේ තත්ත්වය තවදුරටත් උග්ර වීමේ අවදානම ඉහළ නංවා තිබේ.

