රෂිකා හෙන්නායක අගෝස්තු 31, කොළඹ LNW :
පසුගිය දින කීපය පුරා 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරනු ලැබීය.
ඒ අනුව, අධිකරණ අමාත්යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම කෙටුම්පතට එරෙහිව අභියෝග කිරීමට ඇති කාලය අදින් අවසන් වන බව එහි සඳහන් වේ.
මේ වන විට විපක්ෂ දේශපාලන පක්ෂ, නීතීඥ සංගමය සහ විවිධ සිවිල් සංවිධාන විසින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 27ක් ඉදිරිපත් කර තිබේ.
මෙම ව්යවස්ථාමය වෙනසට පක්ෂව ද පෙත්සම් කිහිපයක් ලැබී ඇති බව වැඩිදුරටත් අනාවරණය වේ.
මෙලෙස කෙටි කාලයක් තුළ විශාල පෙත්සම් සංඛ්යාවක් ඉදිරිපත් වීම තුළින් මෙම සංශෝධනය කෙරෙහි පවතින දැඩි සමාජ හා දේශපාලන අවධානය මැනවින් පැහැදිලි වේ.


