ජපන් සංචාරකයින් 200 තනි ගුවන් යානයකින් ලංකාවට!

කොළඹ LNW:ජපානයේ සංචාරකයින් 200 දෙනකු තනි ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණීමට පසුගිය දා (30) නරිටා ගුවන් තොටුපොලෙන් පිටත් වූ බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පවසයි.

Little Japan සමූහය සංවිධානය කළ මෙම චාරිකාව මෑත කාලයේ එකම කණ්ඩායමක් ලෙස වැඩිම ජපන් සංචාරක පිරිසක් පැමිණෙන අවස්ථාව බවත් මෙම චාරිකාව ශ්‍රී ලංකා ජපන් සංචාරක කර්මාන්තයේ සැලකිය යුතු දිරි ගැන්වීමක් බව තානාපතිවරයා ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන ජපන් ජාතිකයන්ට සුභ පතමින් පැවසීය.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය සහයෝගය සහ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකාවට පැමිණි මෙම කණ්ඩායම සීගිරිය ඇතුළු ලංකාවේ සංචාරක ආකර්ෂණීය ස්ථාන රැසකට යාමටද ආයුර්වේද සහ සම්ප්‍රදායික සිංහල සුවතා වැඩ සටහන්වලට සහභාගිවීමට ද නියමිත බව මහාචාර්ය කුමාරසිංහ මහතා ප්‍රකාශ කළ අතර ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් (වාණිජ) සඳුන් සමීර මහතා ද ජපන් ජාතිකයන්ට සුභ පැතීමට නරිටා ගුවන්තොටුපලේ දී එක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා අතරතුර ප්‍රචණ්ඩ ගැටුම්, කොල්ලකෑම් සහ ගොඩනැගිලි ගිනි තැබීම් – 1200කට අධික පිරිසක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පාසල්වල පවතින දුෂ්කරතා සහ ජීවන වියදම ඉහළ...

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් රටවල් කිහිපයක දැවැන්ත විරෝධතා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: ජීවන වියදම...

චී…..අපේ හාමුදුරුවනේ!

උපාලි කොළඹගේ කොළඹ LNW:මට මතක් වෙනවා විදේශික හිමිවරුන් පිරිසක් ලෝක...

ප්‍රශ්න තුනයි, දවස් පහයි! ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරියගේ හුළං බසී!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...