නොඑන ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර!


සටහන – පුලී

අගෝස්තු 31, LNW (කොළඹ):  ශ්‍රී ලංකාවේ නිරූපණ හා විලාසිතා ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් පුරා නමක් දිනා සිටි ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වන විට ඇය 46 වන වියේ පසුවූවාය. ඇයගේ හදිසි වියෝව ශ්‍රී ලංකාවේ නිරූපණ, විලාසිතා සහ කලා ක්ෂේත්‍රයට දැඩි පාඩුවක් ලෙස සැලකේ.  

චූලා පද්මේන්ද්‍ර වසර 20කට අධික කාලයක් මෙරට මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් බවට පත්ව සිටි බව වාර්තා වේ. 2006 වසරේ ටැන්සානියාවේ පැවති ‘Miss Tourism Model of the World’ තරගාවලියේදී මාධ්‍ය සම්මානය දිනා ගැනීමත් සමඟ ඇය ජාත්‍යන්තර අවධානයටද ලක්වූවාය.  

නිරූපණ ක්ෂේත්‍රයට පමණක් සීමා නොවූ ඇය නර්තන ක්ෂේත්‍රය සමඟද සම්බන්ධ වූ අතර, පසුව රංගනයටද එක්ව තිබේ. ඇය 2011 වසරේ තිරගත වූ ‘Sweet Angel’ චිත්‍රපටයටද රංගනයෙන් දායක වී ඇති අතර, 2023 වසරේ ‘ස්වර’ චිත්‍රපටයටද සම්බන්ධ වී තිබේ.  

ඇය මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ නව පරපුරට මගපෙන්වූ අයෙකු ලෙසද කටයුතු කළාය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ හිටපු ලෝක විවාහක රූ රැජිනක් වූ කැරොලින් ජූරිගේ පෞද්ගලික පුහුණුකාරිනියක ලෙසද චූලා පද්මේන්ද්‍ර කටයුතු කර තිබූ බව වාර්තා වී ඇත.  

2019 වසරේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කර තිබුණේ විවාහයෙන් අනතුරුව කෙටි කාලයක් නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉවත්ව සිටි බවත්, පසුව යළිත් ක්ෂේත්‍රයට පැමිණි බවත්ය. පවුල සහ තම දරුවා තම ජීවිතයේ ප්‍රමුඛත්වය වූ බවද ඇය එම අවස්ථාවලදී පවසා තිබුණාය.  

ඇයගේ අභාවයට හේතුව හදිසි හෘදයාබාධයක් බව සඳහන්.

චූලා පද්මේන්ද්‍රගේ අභාවය පිළිබඳ පුවතත් සමඟ ඇය සමඟ වසර ගණනාවක් ක්ෂේත්‍රයේ කටයුතු කළ පිරිස් සහ නිරූපණ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා ශෝකයට පත්ව සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...