ඇමරිකානු හමුදා ලේකම් ඉල්ලා අස් වේ

සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 01
: ඇමරිකානු යුද හමුදාවේ ලේකම් ඩෑන් ඩ්‍රිස්කෝල් (Dan Driscoll) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව වාර්තා වේ.

ඔහුගේ ඉල්ලා අස්වීම තවමත් ධවල මන්දිරය විසින් නිල වශයෙන් පිළිගෙන නොමැති බවද සඳහන් වන අතර ඉල්ලා අස්වීම සම්බන්දයෙන් මධ්‍ය වාර්තා කර තිබුණේ, ඩ්‍රිස්කෝල් සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) අතර මාස ගණනාවක් තිස්සේ මතභේද මෙම ඉල්ලා අස් වීමට හේතු වූ බවයි.

විශේෂයෙන්ම හමුදා නවීකරණය, සූදානම සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සම්බන්ධ තීරණ පිළිබඳව දෙදෙනා අතර මතගැටුම් පැවතී ඇත.

ඩ්‍රිස්කෝල් 2025 පෙබරවාරි මාසයේදී යුද හමුදා ලේකම් ධුරයට පත්වූ අතර, ඔහුගේ ඉවත්වීම සිදුවන්නේ එම තනතුරේ මාස 18කට පමණ පසුවය.

ඩ්‍රිස්කෝල්ගේ ඉවත්වීම පෙන්ටගනය තුළ සිදුවෙමින් පවතින තවත් ඉහළ මට්ටමේ නායකත්ව වෙනසක් ලෙස සැලකෙන අතර, මේත් සමඟ ඇමරිකානු හමුදා නායකත්වයේ ස්ථාවරත්වය පිළිබඳවද අවධානයක් මතු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ තීන්දුවලට අපි යටත් වෙනවා, එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදී තිබියදී එම තීන්දුව...

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලෙන් නවලෝක රෝහලට

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති මහින්ද...

බලංගොඩ කස්සප හිමිට කිසිම පහර දීමක් වෙලා නැහැ.චෝදනා අසත්‍යයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ LNW:විහාර මහාදේවි උද්‍යානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ...