කොළඹ වරායේ කන්ටේනර් දෙකක් තුළ තිබී ඊයේ (31) දිනයේදී අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 463කට ආසන්න ප්රමාණයක් අත් අඩංගුවට ගනු ලැබිණි.
මේවායේ වටිනාකම රුපියල් කෝටි 800කට අධික බව සඳහන්.
මෙම වැටළීම සිදුකර ඇත්තේ මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) භාර ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට ලැබුණු තොරතුරක් අනුව ය.
ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය යටතේ මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශයත් පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයත් එක්ව මෙම වැටළීම සිදුකර තිබූ අතර සැකකටයුතු කන්ටේනර් දෙක පරීක්ෂා කිරීමේදී තුවා තොගයක් තුළ මළු වශයෙන් සඟවා තිබූ අයිස් මත්ද්රව්ය හමුවී තිබිණි.
මෙම අයිස් මත්ද්රව්ය තොගය මෙරට ගොඩබිම සිදුකළ වැටළීමකදී හමුවූ විශාලතම අයිස් මත්ද්රව්ය තොගය බවත් සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ද ඊයේ දිනයේදීම අත් අඩංගුවට ගැනීමට CCIBය සමත්ව තිබිණි.


