පොහොට්ටු රැළියට අනුරාධපුරේ ප්‍රධාන පිට්ටනි දෙකම දෙන්න බෑ කියයි

ලබන 12 වනදා අනුරාධපුරේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළිය සඳහා නගරයේ පිහිටි විශාලතම ක්‍රීඩා පිටි දෙකම ලබාදීම අනුරාධපුර නගරසභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එම දිනවල වෙනත් පාර්ශ්වයන් විසින් වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය සහ සල්ගාදු (නගර සභා) ක්‍රීඩාංගණය වෙන්කරගෙන ඇති නිසා ඒවා එදිනට ලබාදිය නොහැකි බව අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා විසින් දැනුම් දී ඇති අතර මේ සඳහා සුදුසු වෙනත් දිනයක් වෙන්කර ගැනීමට හැකි බැවින් ඒ සඳහා සලකා බලන ලෙසත් දැනුම් දී ඇත.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් චෝදනා කරන්නේ සල්ගාදු පිටිය ලබා ගැනීම සඳහා තමන් කලින්ම ඉල්ලුම් කර තිබියදී, පසුව අයදුම් කළ වෙනත් පාර්ශවයකට එම පිටිය ලබා දීමට නගර සභාව කටයුතු කර ඇති බවටත් එසේම වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය ද තෙවන පාර්ශවයක් විසින් වෙන් කරගෙන ඇති බව පවසමින් තමන්ට ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවටත් ය. මෙය ජාතික ජන බලවේගය නියෝජනය කරන නගරාධිපතිවරයාගේ උපදෙස් මත කළ දෙයක් බවටත් පොහොට්ටු නියෝජිතයින් චෝදනා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...