පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW :

අද (2) දින පස්වරුවේ, 2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ලබාගත හැකි බවද දෙපාර්තමේන්තුව දන්වා සිටී.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉකුත් අගෝස්තු මස 9 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වුණු අතර සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723ක් ලෙස සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...