මහනුවර පොලීසියම කනපිට ගසයි – තිදෙනෙකු හැර සියලුදෙනාටම ස්ථාන මාරුවීම්

Date:

මහනුවර පොලිස් ස්ථානයේ පොලිස් නිළධාරීන් බහුතරයක් මාරු කර යවා තිබෙනවා. මහනුවර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයාගේ නියෝගය මත මෙම මාරුවීම් සිදුකර ඇත.

මහනුවර පොලීසියෙන් අපේක්ෂිත මහජන සේවය නිසි පරිදි නොලැබෙන බවට ලැබුණු පැමිණිලි මත මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

මෑතකදී ස්ථාන මාරුවීමක් ලබා මහනුවර පොලීසිය වෙත පැමිණි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා සහ අධිකරණ කටයුතුවලට සම්බන්ධ සැරයන්වරුන් දෙදෙනෙකු පමණක් තවදුරටත් එම රාජකාරිවල නිරත වන අතර පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරුන් පස් දෙනෙකු ඇතුළු හතළිහකට ආසන්න පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

අධිකරණ කටයුතුවලට බාධා සිදුවන බැවින් අදාල සැරයන්වරුන් දෙදෙනා මහනුරව පොලිස් ස්ථානයේම රාජකාරිවල රඳවා තැබීමටයි තීරණය කර තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : විපක්ෂ නායක සජිත්...

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...

කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා...

පොලිස් සැරයන්වරයෙකුට වන අලි ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : වන අලියෙකු පහරදීමෙන්...