රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03, කොළඹ LNW :
ශ්රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර ආරක්ෂක සහයෝගීතාව සහ ආපදා කළමනාකරණය ශක්තිමත් කර ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කැනඩාවේදී පවත්වා ඇත.
මෙහි ප්රධාන අරමුණ වන්නේ හදිසි අවස්ථා සඳහා ප්රතිචාර දැක්වීමේ හැකියාව ඉහළ නැංවීම සහ යටිතල පහසුකම්වල ස්ථායීතාව තහවුරු කිරීම සඳහා නව මංපෙත් සෙවීමයි.
දෙරටේ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් මෙහිදී මානුෂීය ආධාර සහ සහන සේවා සඳහා අවශ්ය නවීන උපකරණ ලබා ගැනීම පිළිබඳවද අවධානය යොමු කර තිබේ.
ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම සඳහා නිරන්තර සංවාද පවත්වා ගැනීමේ වැදගත්කම ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම හමුව හරහා දෙරට අතර පවතින ආරක්ෂක බැඳීම් නව මානයන් ඔස්සේ වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරේ.


