භූතාන නිල සංචාරය අතරතුර අගමැතිනිය ජිග්මේ සිංගේ වංචුක් නීති විද්‍යාලයේ සංචාරයක! (PHOTOS)

කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය භූතාන නිල සංචාරය අතරතුර සැප්තැම්බර් 02 වන දින ජිග්මේ සිංගේ වංචුක් නීති විද්‍යාලයේ (Jigme Singye Wangchuck School of Law – JSW Law) සංචාරයක නිරත වූවාය.

මෙම සංචාරය හරහා නීතිය පිළිබඳ අධ්‍යාපනය සහ නව සොයාගැනීම්, නීති ක්ෂේත්‍රයේ වෘත්තීය දියුණුව සම්බන්ධයෙන් එම විද්‍යාලය සිදුකරනු ලබන කාර්යයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව සැලසුණු අතර, ශ්‍රී ලංකාවේ සහ භූතානයේ නීති පද්ධති හා අධිකරණ සම්ප්‍රදායන් පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනිණි.

නීති අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සහ දැනුම හුවමාරු කරගැනීම තවදුරටත් ශක්තිමත් කිරීමේ අවස්ථා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, අධ්‍යයන හුවමාරු වැඩසටහන්, පර්යේෂණ සහයෝගීතාව සහ නීති හා අධිකරණ අධ්‍යාපනය සම්බන්ධ අත්දැකීම් හා භාවිතයන් හුවමාරු කර ගැනීම පිළිබඳව ද මෙම සංචාරයේදී අවධානය යොමු කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...

අධිකරණ තීන්දුවලට අපි යටත් වෙනවා, එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදී තිබියදී එම තීන්දුව...