කොළඹ LNW: 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට විරෝධය දක්වමින් අද (03) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී සමඟි ජන බලවේගය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
සමඟි ජන බලවේගයේ නායක,විපක්ෂ නායක සජිත් ප්රේමදාස ඇතුළු මන්ත්රීවරු, දේශපාලන ක්රියාකාරිකයින් මෙන්ම පාක්ෂිකයින් ඊට එක්විය.
අධිකරණයට අත නොතබන ලෙසයි එහිදී අවධාරණය කෙරුණේ.
22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය මඟින් අධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ වීම සිදුවෙයි.
මේ වන විට ඊට අදාළ පෙත්සම් විභාගය අගවිනිසුරු ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාගයට ගෙන එහි රහසිගත තීරණය කතානායක වෙත යොමුකිරීමට කටයුතු යොදා තිබේ.
එමෙන්ම එම පෙත්සම විභාගයට අදාළව ලිඛිත දේශනා ලබා දීමට අද පස්වරු 03.00 දක්වා කාලය ලබා දී තිබුණි.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න




















