නියඟයෙන් හානියට පත් වගාවන්ට වන්දි ගෙවීම අද සිට – උත්සව නැහැ. මුදල් බැංකු ගිණුම් වෙතට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:එල් – නිනෝ තත්ත්වය යටතේ පවතින නියඟය හේතුවෙන් හානියට පත් වගාවන් සඳහා ආණ්ඩූ ගෙවීම අද (04) සිට ආරම්භ වෙයි.

කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසන්නේ අදාළ වන්දි මුදල් ගොවියන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බවයි.

හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුරය පොළොන්නරුව සහ මොණරාගල ආදී දිස්ත්‍රික්කවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වී බඩ ඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන්ට හානි සිදුව තිබෙන අතර ඒ අනුව සිදුවූ වගා හානි පිළිබඳ ගොවීන් විසින් වාර්තා කිරීමෙන් අනතුරුව නිලධාරීන් කඩිනමින් ක්ෂේත්‍රයට ගොස්’ වගා හානි පරීක්ෂා කිරීම සිදුකර හානි වූ වගා බිම් ප්‍රමාණය තක්සේරු කිරීමේ කටයුතු අවසන් කර තිබේ.

ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විපතට පත් ගොවීන් සඳහා අද දින රක්ෂණ වන්දි මුදල් අදාල බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු සලසා ඇති අතර අනෙකුත් දිස්ත්‍රික්කයන්හි සියලුම ගොවීන් හට මෙම මස 15 දිනට පෙර වගා හානි වන්දි ගෙවීමට කටයුතු යොදා ඇති බව සභාපතිවරයා කියාසිටියි. මෙම වගා හානි සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් රු. මිලියන 3000 ක පමණ ප්‍රමාණයක් රජය විසින් මේ වනවිටත් වෙන් කර තිබේ.

මේ වන විටත් මෙම නියඟ තත්ත්වය හේතුවෙන් විපතට පත් ගොවීන් සංඛ්‍යාව 7500ට ආසන්න වන අතර හානිවූ බිම් ප්‍රමාණය අක්කර 8000 ක් පමණ වේ.
මෙහිදී හානියට පත් වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, සෝයා සහ මිරිස් යන භෝග 06 සඳහා හෙක්ටයාර 01ක් සඳහා රු.100,000/- ක මුදලක් ලෙස උපරිම අක්කර 05ක් සඳහා වන්දි මුදල් ලබාදීම සිදුකරනු ලබයි.

මෙලෙස හානියට පත් වගාවන් සඳහා මීළඟ කන්නයට පෙර කඩිනමින් වන්දි මුදල් නිදහස් කර ගොවීන් සඳහා සහන සැලසීම රජයේ අරමුණ වන අතර ඒ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත අමාත්‍යවරයා විසින් මෙම තත්ත්වය යටතේ හානියට පත් වගාවන්ට කඩිනමින් වන්දි ගෙවන ලෙස උපදෙස් ලබා දී ඇත.

යම් අයෙකුට මෙලෙස වන්දි නොලැබුනොහොත් ඒ සදහා අභියාචනා කිරීමටද හැකියාව ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...

නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...