ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන විත් තිබේ.
ශ්රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත ගුවන් යානා ඇණියක් ස්ථාපිත කිරීමේදී සිදුවූ අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මන්ත්රීවරයා කැඳවා තිබුණි.
එහිදී පැය පහකට ආසන්න කාලයක් ප්රකාශ ලබාදීමෙන් පසු මන්ත්රීවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.
ප්රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසම වෙත යාමට පෙර මාධ්ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා තිබුණේ ”මම දන්නවනේ ආණ්ඩුව ක්රියාත්මක වෙන විදිය. පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.” යනුවෙනි.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න



