ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම තරයේ හෙළාදකිමින් එක්සත් ජාතික පක්ෂය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
නාමල් රාජපක්ෂ මහතාව මෙසේ අත් අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ ප්රධානත්වයෙන් ලබන 12 වෙනිදා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත රැලිය කඩාකප්පල් කිරීම සඳහා බවටයි එජාපය චෝදනා කරන්නේ.
එජාපය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
කෙසේවෙතත් එජාපය මූලිකත්වය දැරූ යහපාලන ආණ්ඩුව සමයේ ද විවිධ දූෂණ චෝදනාවලට අදාළව නාමල් රාජපක්ෂ මහතාව තුන් වතාවක් අත් අඩංගුවට ගෙන තිබුණු අතර මෙවර අත් අඩංගුවට ගැනීමට පාදක වූ එයාර්බස් වංචාව පිළිබඳ පළමුවෙන්ම මූලික විමර්ශන සිදුකෙරුනේ ද යහපාලන ආණ්ඩු සමයේදී ය.



