පාසල් පද්ධතිය තුළ හික්මීම සුරැකීමට නව චක්‍රලේඛයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, කොළඹ LNW :

ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ලාංඡනය භාවිත කරමින් පවත්වනු ලබන ඕනෑම වැඩසටහනකදී මත්ද්‍රව්‍ය ප්‍රචාරණය සහ භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

විශේෂයෙන්ම මහා ක්‍රිකට් තරග වැනි උත්සවවලදී සිසුන් මත්ද්‍රව්‍යවලට යොමුවන බවට දෙමාපියන්ගෙන් එල්ල වූ චෝදනා සැලකිල්ලට ගනිමින් මෙම දැඩි තීරණය ගෙන තිබේ.

පාසල් සලකුණ යොදාගන්නා සෑම අවස්ථාවක්ම පාසල් උත්සවයක් ලෙස නිල වශයෙන් සලකනු ලබන අතර, මෙම නීති කඩකරන ඕනෑම උත්සවයක් වහාම අත්හිටුවීමට අධ්‍යාපන ලේකම්වරයාට බලය පවරා ඇත.

මෙම නව රෙගුලාසි නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න අමාත්‍යාංශය මගින් දැඩි අධීක්ෂණයට ලක් කිරීමට නියමිතය.

මෙමගින් පාසල් පද්ධතිය තුළ හික්මීම සුරැකීම සහ දරුවන් අනිසි පුරුදුවලින් ආරක්ෂා කර ගැනීම අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...