ඉන්දුනීසියාවේ ජකර්තාහි ප්‍රධාන ගුවන් ගමන් අත්හිටුවයි

සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 06 :
ඉන්දුනීසියාවේ Mount Anak Krakatau ගිනි කන්දෙන් නිකුත් වූ ගිනිකඳු අළු හේතුවෙන්, ජකර්තා නගරයේ ප්‍රධාන ගුවන් තොටුපළ වන Soekarno-Hatta International Airport හි ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

Anak Krakatau ගිනි කන්ද සිකුරාදා රාත්‍රියේ සිට ක්‍රියාකාරී වී ඇති අතර, ඉරිදා වන විට තවත් පිපිරීම් වාර්තා වී තිබෙනවා. එම පිපිරීම්වලින් නිකුත් වූ ගිනිකඳු අළු වායුගෝලයට ඉහළට පැතිරී ඇති අතර, එහි කොටස් Soekarno-Hatta ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේද හඳුනාගෙන ඇත.

මෙම ගිනිකඳු අළු ගුවන් යානා එන්ජින්වලට හානි කළ හැකි බැවින්, ගුවන් ගමන් ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. මේ හෙතුවෙන් ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් පුද්ගලයින් 22,000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති අතර වාර්තා අනුව ගුවන් ගමන් 200කට වැඩි ප්‍රමාණයකට බලපෑම් එල්ල වී ඇති අතර, දහස් ගණනක් මගීන්ට සිය ගුවන් ගමන් ප්‍රමාදවීම් සහ අවලංගු කිරීම්වලට මුහුණදීමට සිදුව තිබෙනවා.

Singapore, Kuala Lumpur, Hong Kong, Sydney, Seoul, Doha සහ Amsterdam වැනි ජාත්‍යන්තර ගමනාන්ත වෙත යන සහ එන ගුවන් ගමන් කිහිපයකටද බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ අතර, ඉන්දුනීසියානු බලධාරීන් ජනතාවට අවධානයෙන් සිටින ලෙසත්, ගිනිකඳු අළු වැටෙන ප්‍රදේශවලදී මුඛ ආවරණ සහ ඇස් ආරක්ෂා කිරීමේ උපකරණ භාවිත කරන ලෙසත් උපදෙස් ලබාදී තිබෙනවා. කෙසේ වෙතත්, බලධාරීන් පවසන්නේ මේ වන විට ගිනිකන්ද හේතුවෙන් ක්ෂණික සුනාමි අවදානමක් නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...