පච චාරිකාව – ජනපතිගේ මහා ජන රැලි මාලාවට සජිත්ගෙන් අලුත් නමක්

ජනාධිපතිවරයා රටට වැඩකරනවා වෙනුවට ඔහුගේ පදවි ප්‍රාප්තියේ දෙවසර සැමරීම සඳහා රැස්වීම් මාලාවක් පවත්වන බවත් එය ‘පච චාරිකාව’ යැයි තමන් නම්කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“දැන් බලන්න, ඒගොල්ලෝ රටට වැඩක් කරනවා වෙනුවට අවුරුදු දෙක සමරන්න රැස්වීම් මාලාවක් පවත්වනවා. මේ රැස්වීම් මාලාවේ ප්‍රධාන තේමාව තමයි ‘අවුරුදු දෙකයි – රටට සුබයි’. ඔයාගෙ ඔය රැස්වීම් මාලාව කරගෙන යන්න, අපි ඒක නම්කරනවා ‘පච චාරිකාව’ කියලා. දැන් මේ පච චාරිකාවෙ රැස්වීමක් තියෙනවා බේරුවලත්. කළුතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීතුමා ධීවර අමාත්යාංශයට ලිපියක් ලියලා තියෙනවා හවස 05.30 ඉඳලා 07.30 වෙනකල් ධීවර ප්‍රජාවට ඔවුන්ගෙ තොටුපොලවල්වලට එන්නට බැහැ, ඒ මොකද, ධීවර ප්‍රජාව තමන්ගෙ රස්සාව කරලා 05.30 – 07.30 අතර තොටුපොලට එන එක ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් ලු. ඒක හින්දා ධීවර ජනතාව ඒ පැය දෙක මුහුදේ රඳවාගන්න කියලා පොලීසිය නියෝග ලබාදෙනවා. මේකද සිස්ටම් චේන්ජ් එක ? ඔයා පච චාරිකා තියාගෙන යන්න, හැබැයි සැබැවින්ම ජනතාවගේ හදගැස්ම හඳුනාගන්න අවශ්‍ය නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ රත්තොට කාන්තා බලමණ්ඩලය පිහිටුවීම වෙනුවෙන් ඊයේ (06) පැවති රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...