කවුද හොරා මහින්ද හොරා කියල කලිසම උස්ස උස්ස කෑගහපු අයට මේ මොකද වෙලා තියෙන්නේ – නජිත් රනිල්ගේ කතාව ප්‍රශ්න කරයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:”රනිල් වික්‍රමසිංහ ඔලුවෙන් හිටගෙනද දන්නේ නැහැ කතා කරන්නේ. මේ රටේ ජෙන් Z කියන්නේ කවුද? මේ රටේ ජෙන් Z තමයි 2022 ගෝල්ෆේස් එකේ වාඩිවෙලා හිටියේ. මේ රට කඩා වට්ටපු එකට විරුද්ධව, මේ රටේ හොරා කාපුවට විරුද්ධව හොරා කෑම නවතනු, හොරු අල්ලනු කියල බෝඩ් උස්සන් හිටියේ මේ රටේ ජෙන් Z එක. අමුතු ජෙන් Z එකක් සිරිකොත් අස්සේ ඉන්නවද දන්නේ නැහැ.” යනුවෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (06) ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදි තරුණ සංගමයේ කොළඹ නගරික තරුණ සමළුව අමතමිනි.

ඒ අනුව මේ වන විට රනිල් වික්‍රමසිංහලා ලැජ්ජා නැති දේශපාලනයක් කරමින් සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

”රනිල් වික්‍රමසිංහ එක තැනක කියනවා නාමල් රිමාන්ඩ් වෙච්ච එකට විරුද්ධයිලු. ඒක විරුද්ධ වෙන්න හෝ පක්ෂ වෙන්න අධිකරණ ක්‍රියාවලියක්. නමුත් රනිල් වික්‍රමසිංහ විරුද්ධයිලු. විරුද්ධ වෙන්න හේතුව තමයි අප පක්ෂයේ ආරම්භක නායකයෙක් වූ ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ මුණුපුරා ලෙස සිටින මොහු රිමාන්ඩ් කිරීමට අපි විරුද්ධයි කියනවා. ඔන්න විරුද්ධ වෙන්න හේතුව. එයාගේ පක්ෂය ආරම්භ කරන්න ඩී.ඒ. රාජපක්ෂ හිටියලු එයාගේ මුණුපුරා දැන් රිමාන්ඩ් කරලා තියෙනවා. ඒ හින්දා විරුද්ධයි කියනවා. මරු දේශපාලනේ. නිවේදනයකුත් ගහල තිබුණා. ඒ නිවේදනයේ තියෙනවා මේ රටේ ජෙන් Z එක මේ ආකාරයේ කටයුතුවලට විරුද්ධයි කියල. රනිල් වික්‍රමසිංහ ඔලුවෙන් හිටගෙනද දන්නේ නැහැ කතා කරන්නේ. මේ රටේ ජෙන් Z කියන්නේ කවුද? මේ රටේ ජෙන් Z තමයි 2022 ගෝල්ෆේස් එකේ වාඩිවෙලා හිටියේ. මේ රට කඩා වට්ටපු එකට විරුද්ධව, මේ රටේ හොරා කාපුවට විරුද්ධව හොරා කෑම නවතනු, හොරු අල්ලනු කියල බෝඩ් උස්සන් හිටියේ මේ රටේ ජෙන් Z එක. අමුතු ජෙන් Z එකක් සිරිකොත අස්සේ ඉන්නවද දන්නේ නැහැ. රටේ ජෙන් Z එක මේක. එතකොට ඒ ජෙන් Z එක කියපු දේ තමයි මේ වෙන්නේ. මීට අවුරුදු දෙකකට කලින් මොකද කළේ. මතක් කරලා බලන්න. පාර්ලිමේන්තුවේ කවුද හොරා මහින්ද හොරා කියල කලිසම උස්ස උස්ස කෑගහපු මිනිස්සු ඔය. දැන් අධිකරණයෙන් ක්‍රියාමර්ග ගන්නකොට අනේ අපේ පක්ෂය හදන්න පටන් අරන් තියෙනවා එයාගේ සීයා.ඒ නිසා හරි නෑ එයාව ගන්න එක. ඊට පස්සේ මේ රටේ ජෙන් Z එක ඉන්නවා එයාලට තරහ යයිද දන්නේ නැහැ. ඒවා කියනවා ඇවිල්ල රනිල් වික්‍රමසිංහ. ඇත්තටම ලැජ්ජාව නැහැ.” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...