පිච් මාර්ෂල් තනතුරට තුන් බසම දන්න තුන් ඉරියව් ප්‍රවීනයෙක්

Date:

අන්තර් සමාජ සත් සාමාජික රගර් තරගාවලියේ පිච් මාර්ෂල් තනතුරට ආනා සෙනවිරත්න කැඳවීමට තීරණය කර ඇත.ජාත්‍යන්තර රග්බි සම්මේලනය පිළිගත් තරග කොමසාරිස්වරයෙක් වන ආනා,මේ වන විට ඉන්දියාවේ නවදිල්ලි සත් සාමාජික රගර් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා රග්බි විධායක කමිටුවේ තීරණයක් මත සභාපති රිස්ලි ඉල්ලියාස් සමඟ පැවති සාකච්ඡාවක ප්‍රතිපලයක් මත රගර් කේෂ්ත්‍රයේ විවිධ ඉසව් හී ප්‍රවිනයෙක් වන ආනා සෙනවිරත්න මේ තනතුරට කැඳවීමට තීරණය කර ඇති අතර ඒ සඳහා අවශ්‍යය අවසරය ලබා ගැනීමට ඉන්දියානු රග්ර් පරිපාලනයේ විධායක අධ්‍යක්ෂ නසීර් හුසේන් ද දැනුවත් කරන්නට ශ්‍රී ලංකා රග්බි පියවර ගෙන ඇත.

රග්ර් ක්‍රීඩාවට මෙන්ම තවත් ක්‍රීඩා ගණනකාවකද ප්‍රවීනයෙක් වන ආනා සෙනවිරත්න ක්‍රීඩාප්‍රේමියෙකි.එසේම ඉහළ පරිපාලන තනතුරු ගණනාවක කටයුතු කර ඇති පළපුරුදු වෘත්තීයවේදියෙකි.වඩාත්ම වැදගත් ඔහුට ශ්‍රී ලංකාවේ ජනතාව භාවිතා කරන ප්‍රධාන භාෂා ත්‍රිත්වය වන සිංහල,දෙමළ සහ ඉංග්‍රිසි භාෂාවන් හැසිරවීමේ ඇති හැකියාව නිසා ක්‍රීඩාවට සම්බන්ධ සියලු ජන කොටස්වලට සවන්දීමේ හැකියාව ඇත.
විවිධ ක්‍රීඩාවන්ගේ විවිධ අංශයන් හී දෙස් විදෙස් ප්‍රවීනත්වය,වෘත්තියවේදියෙක් සේ ලත් නිපුණත්වය මෙන්ම භාෂාවන් හැසිරවීමේ කුසලතාවය ස සහිත තුන් ඉරියව් දක්ෂයෙක් වන ආනාට ඔක්තෝම්බර් 8 – සහ 9 දෙදින තුළ කොළඹදී පැවත්වෙන අන්තර් සමාජ රග්බි තරගාවලියේ පිච් මාර්ෂල් තනතුර ක්‍රීඩාවට ආලෝකයක් එකතුවන ආකාරයට හසුරුවන්ට අපහසුවක් නොවනු ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...