ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:අනුරාධපුරය කේන්ද්රගත් අධිවේගී මාර්ග පද්ධතියක් සම්බන්ධයෙන් අධ්යයන කිරීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බව ප්රවාහන සහ මහ මාර්ග අමාත්ය බිමල් රත්නායක අද (08) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
ඒ අනුව මේ වසර තුළ අධිවේගී මාර්ග කිහිපයක වැඩ කටයුතු ආරම්භ කරන බවයි අමාත්යවරයා සඳහන් කළේ.
මේ වසරේ නොවැම්බර් – දෙසැම්බර් මාස දෙක තුළ කුරුණෑගල සිට දඹුල්ල අධිවේගී මාර්ගයේ කුරුණෑගල – ගලේවල කොටස් ආරම්භ කිරීමට නියමිත අතර කහතුඩුව සිට ඉංගිරි අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු මේ වසර අග ආරම්භ කරන බව අමාත්යවරයා කියාසිටියේය.
මේ අතර කටුනායක සිට හලාවත දක්වා අධිවේගී මාර්ගයේ වැඩකටයුතු සම්බන්ධයෙන් සැලැසුම් සකස් කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.
එමෙන්ම කඩවත සිට මීරිගම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු 2028 වසරේ මැයි මාසය වනවිට අවසන් කිරීමට නියමිත බවද බිමල් රත්නායක මහතා පැවසුවේය.
පොතුහැර සිට රඹුක්කන කොටස ලබන වසරේ අප්රේල් මාසය වනවිට අවසන් කිරීමට සැලැසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.


