අදින් නිම වන ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙරට නිල සංචාරය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10, කොළඹ LNW :

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා, සිය සංචාරය අවසන් කරමින් අද (10) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

පිටත්ව යාමට පෙර, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අද (10) උදෑසන නුවරඑළියේ පිහිටි සීතා අම්මාන් කෝවිලේ සංචාරය කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ගැඹුරු ඓතිහාසික සබඳතා, විශේෂයෙන්ම රාමායණය වැනි පුරාණ ජනප්‍රවාද හා බැඳුණු පොදු සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගීතා සහ මහජන රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ මහතා පැවසීය.

නුවරඑළිය සංචාරය අතරතුර, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ වතුකරයේ ජීවත් වන ඉන්දීය සම්භවයක් සහිත ප්‍රජාවේ සාමාජිකයන් ද හමුවීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...