මියගිය සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ පවුල් වෙත සහනයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10, කොළඹ LNW :

විදේශයන්හිදී මියයන ශ්‍රී ලාංකික විදේශ රැකියා නියුක්තිකයින්ගේ පවුල් වෙත ලබා දෙන වන්දි මුදල රුපියල් මිලියන 1.4 දක්වා ඉහළ නංවා තිබේ.

පසුගිය වසරේ ජූනි මස 26 වන දිනට පසුව මියගිය විදේශ රැකියා නියුක්තිකයින් සඳහා මෙම සංශෝධිත වන්දි මුදල අදාළ වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මීට පෙර, විදේශයන්හිදී මියගිය ශ්‍රී ලාංකික විදේශ රැකියා නියුක්තිකයින්ගේ පවුල් වෙත හිමි වූයේ රුපියල් 600,000ක වන්දි මුදලකි.

මෙම සංශෝධිත ක්‍රමවේදය යටතේ පළමු පියවර ලෙස, විදේශ රැකියා නියුක්තිකයින් 50 දෙනෙකුගේ පවුල් වෙත රුපියල් මිලියන 70ක වන්දි මුදලක් අද දිනයේදී ලබා දීමට නියමිතය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වන්දි මුදල් ප්‍රදානය කිරීම සිදු කෙරේ.

මෙම වැඩසටහන යටතේ පවුල් 160කට අධික සංඛ්‍යාවක් වන්දි ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇති බව කාර්යාංශය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...