රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10, කොළඹ LNW :
රූපවාහිනී වැඩසටහනක් අතරතුර තමන් කළ ප්රකාශ මූලික සාක්ෂි අනුව අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකිය හැකි බවට නිගමනය කළ කොටුව මහේස්ත්රාත්වරයා විසින් අභියාචනාධිකරණය වෙත යොමු කළ පැමිණිල්ලකට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර විසින් ගොනු කරන ලද රිට් (Writ) පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය අද (10) දිනයක් නියම කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.


