මට්ටක්කුලිය මාරක රිය අනතුරට සම්බන්ධ රියදුරු රිමාන්ඩ්!

අශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මට්ටක්කුලිය, ෆර්ගියුෂන් හන්දිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු එළැඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ රියදුරා ගංජා භාවිත කර සිටි බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී තිබෙන අතර වත්තල දෙස සිට අධික වේගයෙන් පැමිණි අදාළ මෝටර් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ත්‍රීරෝද රථ තුනක සහ යතුරුපැදි හතරක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබුණි/

මෙම අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඉන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...