දිට්වා නිසා නිවාස අහිමි වූවන්ට ලබාදුන් ගෙවල් කුලී දීමනාව ගැන තීරණයක්!

කොළඹ LNW:දිට්වා හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස හානි වී තවදුරටත් කුලී නිවාසවල රැඳී සිටින නිවාස හිමියන් සඳහා පමණක් දැනට ගෙවනු ලබන රු.25,000ක මාසික ගෙවල් කුලී දීමනාව 2026 දෙසැම්බර් මාසය දක්වා ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ 2025.12.05 දිනැති අයවැය චක්‍රලේඛ අංක 08/2025 හි අනු අංක 04 සඳහා සංශෝධන ඇතුළත් කරමින් මෙම දීමනාව අඛණ්ඩව ලබාදීමට කටයුතු කළ බවයි.

නායයෑම් හා ගංවතුර හේතුවෙන් තම නිවස අහිමි වී, පදිංචි වීමට වෙනත් නිවසක් නොමැති නිවාස හිමියන්ට නව නිවසක් ඉදිකර අවසන් කරන තෙක් තාවකාලිකව වෙනත් ස්ථානයක පදිංචි වීම සඳහා මෙම මාසික ගෙවල් කුලී දීමනාව ලබාදෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...