සටහන – රුවන් නෙළුගොල්ල
දෙමටගොඩ කළු පාලම අසල අද (17) සවස සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මරුමුවට පත්ව තිබේ.
මෙම පුද්ගලයා ත්‍රීරෝද රථයක් පදවාගෙන යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වෙඩිතැබීමට හේතුව හෝ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.



