සෞදියට එරෙහි හූති ප්‍රහාර පාලනය කරන ලෙස චීනය ඉරානයට බලපෑම් කරයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 18 :
සෞදියට එරෙහිව යේමනයේ හූති සංවිධානයේ ක්‍රියාකාරකම් පාලනය කිරීමට සිය බලපෑම භාවිත කරන ලෙස චීනය ඉරානයෙන් පෞද්ගලිකව ඉල්ලා ඇති බව ඉරාන මූලාශ්‍ර තුනක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ හූතිවරුන් රතු මුහුදේ වෙරළබඩ ප්‍රදේශ සහ බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ වේගයෙන් ඉදිරියට යාමෙන් පසු සෞදි අරාබිය චීනයෙන් සහාය ඉල්ලා ඇති පසුබිමකය.

මීට පෙර සෞදි අරාබිය විසින් එක්සත් රාජධානියෙන් හූති වරුන්ට එරෙහි හමුදා සහය ඉල්ලා තිබූ අතර හූතිවරුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග හේතුවෙන් සෞදි තෙල් අපනයන සහ ජාත්‍යන්තර නාවික ගමනාගමනයට ඇති අවදානම ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. චීනයේ අවධානය විශේෂයෙන්ම බලශක්ති ප්‍රවාහයට වැදගත් රතු මුහුද ඇතුළු නාවික මාර්ගවල ආරක්ෂාව සම්බන්ධයෙන් යොමුවී තිබේ.

චීනයේ ඉල්ලීමට ඉරානය කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්ද යන්න තවමත් පැහැදිලි නොමැති අතර ඉරාන මූලාශ්‍ර පවසන්නේ කලාපයේ ස්ථාවරත්වය සඳහා පළමුව එක්සත් ජනපද-ඊශ්‍රායල යුද ක්‍රියාමාර්ග අවසන් විය යුතු බවට ටෙහෙරානය පෙන්වා දී ඇති බවයි.

චීන විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ යේමනය සහ රතු මුහුද වෙත කලාපීය ආතතීන් තවදුරටත් පැතිරීම චීනයට අවශ්‍ය නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...