වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.

සිය සේවා දායකයාගේ වාහනය ඇති වූ දෝෂයක් හේතුවෙන් ඔහුට නිසි වෙලාවට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බව විත්තිකාර විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා තිබේ.

ඒ අනුව ඔහුට එරෙහිව නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

කෙසේවෙතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම සඳහන් කර ඇත්තේ මෙම ඉල්ලීම හෙට (22) දින මෝසමක් මාර්ගයෙන් සිදුකිරීමට පියවර ගන්නා ලෙසයි.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල්හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව අද (21) කැඳවූ අවස්ථාවේ ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නියෝගය නිකුත් කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...

ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...

විමල් වීරවංශට වරෙන්තු!

කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...