රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22 කොළඹ LNW :
ඉදිරිපත් කෙරේ විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 17,213ක අතිරේක ඇස්තමේන්තුවක් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අතිරේක ඇස්තමේන්තුව හෙට(23) දිනයේදී පාර්ලිමේන්තුවේ අනුමැතියට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමේදී මෙම තීරණ ගනු ලැබීය.
ඒ අනුව, අද දින විවාදයට ගැනීමට නියමිතව තිබූ අපනයන කෘෂිකර්ම ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය නොපැවැත්වෙනු ඇත.
මේ අතර, හෙට දිනයේ දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබූ ‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’ (Institute of Chartered Media Practitioners of Sri Lanka) පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට ද තීරණය කර තිබේ.


