යුරෝපා කොමිසමේ සභාපතිනියගෙන් විශේෂ පණිවිඩයක් …

Date:

ආර්ථික අර්බුදය ජය ගනිමින් සෞභාග්‍යය කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාවට සහාය වන බව යුරෝපා සංගමය පවසයි.

ශ්‍රී ලංකාවේ ජනතාව පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටින මොහොතක, අවශ්‍ය ප්‍රතිසංස්කරණමය ක්‍රියාවලියක් සහිතව එම අර්බුදය සාර්ථකව ජය ගනිමින් රට සෞභාග්‍යය කරා ගෙන යාමට සහ කල්පවත්නා ජාතික සංහිඳියාවේ මාවතකට ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීමට යුරෝපා සංගමය කැපවී සිටින බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් (Ursula Von Der Leyen) මහත්මිය සඳහන් කළාය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් විශේෂ සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනිය මේ බව දන්වා තිබේ.

ශ්‍රී ලංකා රජය ගෙනයන මෙම ක්‍රියාවලියේදී අදහස් ප්‍රකාශ කිරීමේ සහ රැස්වීමේ නිදහස සහ සියලුම පාර්ශ්වකරුවන් අතර සංවාදයක් මෙන්ම නීතියේ ආධිපත්‍යයට සහ මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීම අත්‍යවශ්‍යව පවතින බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

GSP+ කැපවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව යුරෝපා සංගමය විසින් කරන ලද තක්සේරුව පිළිබඳව ද අවධානය යොමු කර ඇති උර්සුලා වොන් ඩර් ලේන් මහත්මිය සඳහනක් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ GSP+ කැපවීම් පිළිබඳ ප්‍රගතිය ඉතා ඉක්මනින් යුරෝපා සංගමය විසින් තක්සේරු කරනු ඇති බවයි.

එම වාර්තාව මේ වසරේ අග භාගයේදී හෝ 2023 මුල් භාගයේදී නිකුත් කිරීමට නියමිත අතර එමගින් සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ කෙටි හා දිගු කාලීන අවශ්‍යතා සහතික කෙරෙන ප්‍රතිපත්ති හඳුන්වාදීමට සහ මෙහෙයවීමට අපේක්ෂා කෙරේ .

පෙර නොවූ විරූ ආර්ථික පසුබෑමේ විනාශකාරිත්වයෙන් සාර්ථකව ගොඩ ඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය සාර්ථක වේවායි දි ප්‍රාර්ථනය කරන උර්සුලා වොන් ඩර් ලේන් මහත්මිය ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමඟ කරන සාකච්ඡා හවුල් වටිනාකම් සහ පොදු අවශ්‍යතා සඳහා වූ කැපවීම් මත පදනම්ව සිදු කෙරෙනු ඇතැයි ද විශ්වාසය පළ කර තිබේ.

හවුල් වටිනාකම් සහ පොදු අවශ්‍යතා සඳහා වූ කැපවීම් මත පදනම්ව, දෙරටේ බැදීම් සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සමීපව කටයුතු කිරීමට ද යුරෝපා කොමිසමේ සභාපතිනිය කැමැත්ක පළ කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...