ශෂීන්ද්‍රට එරෙහි දූෂණ නඩුව: ඔක්තෝබර් 08 මූලික විරෝධතා පිළිබඳ නියෝගය! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW :

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති දූෂණ නඩුවක මූලික විරෝධතා පිළිබඳ තීන්දුව ලබන ඔක්තෝබර් මස ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර ඇත.

2022 වසරේ ඇති වූ ජනතා අරගලය අතරතුර හානියට පත් පෞද්ගලික දේපළක් වෙනුවෙන්, නිල බලය අවභාවිත කරමින් රුපියල් මිලියන 8.85ක වන්දි මුදලක් අයථා ලෙස ලබා ගැනීම මොවුන්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි.

මෙම සිද්ධියට අදාළව මහවැලි අධිකාරියේ සහ හානිපූර්ණ කාර්යාලයේ හිටපු උසස් නිලධාරීන් දෙදෙනෙකු ද විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

විත්ති පාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය, අදාළ නෛතික විරෝධතාවලට අදාළ නියෝගය ලබා දීම සඳහා ඉදිරි දිනයක් නියම කළේය.

දැනට ඇප මත සිටින විත්තිකරුවන් තිදෙනාම අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වභාවධර්මයේ සහ සංස්කෘතියේ අපූරු සුසංයෝගය: Arashiyama in Kyoto

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: ජපානයේ සංචාරය කරන ඕනෑම...

වසර ගණනාවක ප්‍රමාදයන්ගෙන් අනතුරුව, ශ්‍රී ලංකාව අවසානයේ සයිබර් ආරක්ෂණ නීතිය අභියස!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: වසර ගණනාවක් පුරා අසාර්ථක...

ගැඹුරු මුහුදේදී හදිසියේ බරපතල ලෙස රෝගාතුරවු ධීවරයෙකු බේරාගැනේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: ඉන්දියන් සාගරයේ දකුණු දෙසින්...