රාජ්‍ය මුදල් අවභාවිතය: රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතයි.

රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට සැකපිට අදාළ නඩුව ගොනුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් කර ඊට අදාළ උද්ධෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දෙන ලදී.

ඒ අනුව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා නඩුව අද කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ හිටපු ලේකම් සමන් ඒකනායකට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ 2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා සිදු කළ පෞද්ගලික සංචාරයකදී රුපියල් ලක්ෂ 166කට අධික රාජ්‍ය මුදලක් වැය කිරීමය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලිත්ගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේපයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : අධිකරණයට අපහාස කිරීමේ...

2027 අයවැය: නොවැම්බර් 12 සිට දෙසැම්බර් 14 දක්වා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : 2027 අයවැය නොවැම්බර්...

2027 මාර්තු මාසයෙන් පසු සිදුවන්නේ කුමක්ද? ශ්‍රී ලංකාවේ ඉදිරි පියවර IMF විසින් පෙන්වා දෙයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාව සිය...

ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලය...