ගිවිසුම කෝ – විමල් ! දෙන්න ගිවිසුමක් කෝ – අගමැති !

Date:

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය එළඹ ඇති එකඟතා සම්බන්ධයෙන් අද දිනයේදීද පාර්ලිමේන්තුවේ විවාදයට බඳුන් විය.

උත්තර ලංකා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ප්‍රශ්නයක් යොමු කරමින් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග අත්සන් කළ කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි.

එහි සඳහන් කරුණු, එකඟතා පිළිබඳව රටේ ජනතාව දැනුවත් කිරීම ආණ්ඩුවේ වගකීමක් බවද වීරවංශ මහතා අවධාරණය කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයක් මිස ගිවිසුමක් අත්සන් කර නොමැති බවයි. නැති ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ කෙසේදැයි ඔහු විමසා සිටිනවා.

ජනතාවට වසන් කර කිසිදු ගිවිසුමකට අත්සන් තැබීමට ආණ්ඩුව කටයුතු නොකරන බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම් අත්සන් කළ වහාම ඒ පිළිබඳව ජනතාවත් පාර්ලිමේන්තුවත් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : මෙරට සංචාරයක නිරත...

ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...