චතුර පුටුවට, සුදේව ඉවතට !

Date:

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයෙහි නව ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී චතුර විද්‍යාරත්න මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

චතුර විද්‍යාරත්න යනු දිවයින, ලක්බිම, ලේක්හවුස් සහ ජාතික රූපවාහිනී යන මාධ්‍ය ආයතනවල සේවය කළ අත්දැකීම් බහුල මාධ්‍යවේදියෙකි.

දිවයින පුවත්පතේ ආරම්භක මාධ්‍යවේදියෙකු සහ එහි අධිකරණ පුවත් ආවරණය කළ මාධ්‍යවේදියකු වූ රූපසිරි විද්‍යාරත්න මහතාගේ එකම පුත්‍රයා වූ චතුර විද්‍යාරත්න මහතා සිය පියාගේ අඩිපාරේම යමින් මාධ්‍ය වෘත්තියට එක් වූ අතර 2009 වසරේ සිට එංගලන්තයට පැමිණ ලන්ඩන් නුවර පදිංචිව සිටී. පසුගියදා ඒ මහතා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙසේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයෙහි ප්‍රධාන විධායක නිලධාරී තනතුර භාරගැනීමට එකඟ වී ඇති බව සඳහන්.

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය මෙතෙක් පැවතියේ හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ සුදේව හෙට්ටිආරච්චි මහතා යටතේ ය. හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත්ව ස්වර්ණවාහිනියට පැමිණි ඔහු ජනාධිපති මාධ්‍ය ඒකකයේ සේවය කරද්දී පවා ස්වර්ණවාහිනිය පාලනය කෙරුණේ ඔහු යටතේ ය. මේ වනවිට සුදේව හෙට්ටිආරච්චි මහතාව එම ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් කර ඇති අතර අද (04) පෙරවරුවේ එම ආයතනයට පැමිණි ඒ මහතා සියලු දෙනාටම ස්තූති කර පිටව ගිය බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...