ලිට්‍රෝ ගෑස් මිල අඩු කරයි. නව මිල ගණන් මෙන්න !

0
1298

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩුකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 4280ක් වේ.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල අඩුකර ඇත්තේ රුපියල් 107කින් වන අතර එහි නව මිල රුපියල් 1720 කි.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 48කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 800ක් වන බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.

RN