පාර්ලිමේන්තුවේ අභිනව භාෂා පරිවර්තන ඒකකය විවෘත කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW :

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පාර්ලිමේන්තුවේ අභිනව භාෂා පරිවර්තන ඒකකය පසුගිය ඔක්තෝබර් 05 වැනිදා නිල වශයෙන් විවෘත කෙරිණි.

පාර්ලිමේන්තුවේ ලිඛිත භාෂා පරිවර්තන කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් ස්ථාපිත කළ මෙම ඒකකය, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ සුරතින් විවෘත කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ, කාර්යාලයක දියුණුව උදෙසා නිවැරදි නායකත්වය මෙන්ම සාමූහික එකමුතුකම ද අත්‍යවශ්‍ය වන බවයි. පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය සැමවිටම සියලු සේවකයන්ගේ ජීවන තත්ත්වය, වෘත්තීයමය ස්ථාවරභාවය සහ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින බව පැවසූ එතුමිය, පාර්ලිමේන්තුව සතු වටිනාම සම්පත එහි කාර්ය මණ්ඩලය බව ද වැඩිදුරටත් අවධාරණය කළාය. එමෙන්ම, මෙම නව අංශය භාෂා පරිවර්තකයන් වෙනුවෙන් විවෘත වුවද, ඒ උදෙසා සක්‍රීයව හා පෙරමුණ ගෙන කටයුතු කරනු ලබන්නේ කථා පරිවර්තකයන් බව දැකීමට ලැබීම මහත් සතුටට කරුණක් බව ද මහලේකම්වරිය සඳහන් කළාය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා, ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.

මෙහිදී පිළිගැනීමේ කථාව පවත්වමින්  ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා සඳහන් කළේ, කථා පරිවර්තන සේවාවට අමතරව කථා පරිවර්තක කාර්යාලය විසින් විශාල ලිඛිත පරිවර්තන කටයුතු රාශියක් සිදු කරනු ලබන බවයි. එසේවුවද , භාෂා පරිවර්තන ප්‍රමාද වන බවට පාර්ලිමේන්තුවේ කිසිදු කාර්යාලයකින් මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තංගල්ලේදී තවත් නව නිවාස 05ක් ජනතා අයිතියට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : "රජය ලබන වසරේ...

මහින්ද රාජපක්ෂගේ තත්වය අසාධ්‍ය බවට පැතිර යන ආරංචි බොරු – නීතීඥ මනෝජ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කළ බවට පළවන...

ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් 758කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට:CAA වැඩක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : පාරිභෝගික කටයුතු පිළිබඳ...

පරිසර සංරක්ෂණය සහ තිරසර සංවර්ධනය යන විෂය මුල් ළමා වියේ සිටම දරුවන්ට දෙන්න – විපක්ෂ නායක සජිත්

ඔක්තෝබර් 12, කොළඹ LNW : දේශගුණික කාලගුණික විපර්යාස පිළිබඳ සාක්ෂරතාව...