මහින්ද රාජපක්ෂගේ තත්වය අසාධ්‍ය බවට පැතිර යන ආරංචි බොරු – නීතීඥ මනෝජ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කළ බවට පළවන පුවත් සත්‍ය වුවත් ඒ මහතා අසාධ්‍ය තත්වයෙන් පසුවන බවට පැතිර යන ආරංචි අසත්‍ය බව ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ පවසයි.

“අසාධ්‍යයි කියන කතාව සම්පූර්ණ අසත්යයක්. එහෙම අසාධ්‍ය තත්වයක එතුමා නැහැ. නමුත් සාමාන්‍යයෙන් එතුමාගේ වයසත් එක්ක එතුමාට යම් යම් වෛද්‍ය පරීක්ෂණ සඳහා, ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනවා රෝහලට. එවැනි ආකාරයේ ඇතුළත් කිරීමක් අද කරලා තියෙන්නෙ. ඉතින් වෛද්‍යවරුන් ඒ ගැන බලලා එතුමාගේ රෝගී තත්වයන් ගැන තීරණය කරයි. හැබැයි ඔය අසාධ්යයි, එතුමා මානසිකව වැටිලා වගේ ගෙනියන ප්‍රචාර සම්පූර්ණ අසත්‍යයි. මොකද එතුමා එහෙම මානසිකව වට්ටන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. අපි දන්නවා ආණ්ඩුවේ අවශ්‍යතාවයත් එතුමාව වට්ටන එක. හැබැයි ඒක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද එතුමා මහින්ද රාජපක්ෂ. ඔය කියන පැතිරයන ආරංචිවල සත්‍යතාවයක් ඒ ආකාරයෙන්ම නැහැ. නමුත් එතුමා සාමාන්‍ය තත්වයන් යටතේ එතුමාගේ වෛද්‍ය ප්‍රතිකාරයන් සහ පරීක්ෂණ සඳහා රෝහලට ඇතුළත් කරලා තියෙනවා. ඔය විවිධ පැතිර යන අසත්ය ආරංචි ගැන මට මොකුත් කියන්න බෑ, මොකද එතුමාත් සමග මම කතා කළා අද උදෑසනත්. ඒක නිසා ඔය කියන ආකාරයේ බොහොම නරක විදියට පැතිර යන ආරංචි අසත්යයි කියන එක විතරයි මට කියන්න පුළුවන්”

නීතීඥ මනෝජ් ගමගේ මේ බව පැවසුවේ අද (12) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...

මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන වෙත ලැබෙන සහනය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉන්ධන මිල...

“අලුත් රටක් හැදීමට දියුණු මානවයෙකු බිහි කළ යුතුයි – පෙරපාසල එහි ප්‍රධානම පදනමයි” : අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ප්‍රජා ඵලදායිතා ප්‍රවර්ධන...