සටහන – රුවන් නෙළුගොල්ල
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඔක්තෝබර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
අල්ලස් කොමිසම විසින් අද (12) පෙරවරුවේ චාමර සම්පත් දසනායක මහතාව අත් අඩංගුවට ගනු ලැබුවේ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සඳහා පුද්ගලික සමාගම් දෙකකින් රුපියල් ලක්ෂ 81ක් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී ය.


