රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW :
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චමර සම්පත් දසනායක මහතාට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඔහු දැනට කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටී.
ඊයේ පස්වරුවේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මෙම මන්ත්‍රීවරයා, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර පොස්ෆේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් මිලියන 8.1ක අල්ලසක් ඉල්ලා සිටීම සහ එම මුදල් දේශපාලන කටයුතු සඳහා යොදාගැනීමේ අරමුණින් සිය ලේකම් සුමතිපාල ලියනආරච්චිගේ බැංකු ගිණුමකට බැර කරවා ගැනීම මෙන්ම, මැණික් ව්‍යාපාරිකයන් තිදෙනෙකුගෙන් අමතරව රුපියල් මිලියන 2.4ක අල්ලසක් ලබා ගැනීම යන චෝදනා මෙම මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී තිබේ.


