වනජීවී සංරක්ෂණය වෙනුවෙන් තවත් වැදගත් පියවරක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රදේශයේ පිහිටි නාකලගනේ රාජමහා විහාරස්ථානය ආශ්‍රිතව හෙක්ටයාර 600කට අධික භූමි ප්‍රදේශයක් වනජීවී අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍ය ධම්මික පටබැදි පවසයි.

ආර්ථික බෝග වගාවන්, ඛනිජ සම්පත් කැණීම් සහ පස් කැපීම් වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම ප්‍රදේශයේ පාරිසරික පද්ධතියට සිදුවිය හැකි හානි අවම කිරීමත්, දිනෙන් දින උග්‍ර වන අලි–මිනිස් ගැටුම පාලනය කිරීමත් මෙහි ප්‍රධාන අරමුණු ලෙස දැක්වෙයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය කටයුතු ඉදිරියට ගෙන යාමට කටයුතු කරන අතර අනෙකුත් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව වනජීවී රක්ෂිත ප්‍රමාණය අඩු කුරුණෑගල දිස්ත්‍රික්කයේ වනජීවී සංරක්ෂණය ශක්තිමත් කිරීමට මෙය වැදගත් අවස්ථාවක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂට එරෙහි නඩුව : හෘද සැත්කමකට භාජනය කරලා?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : අල්ලස් කොමිසම මගින්...

දිට්වා ආපදාවෙන් පූර්ණ නිවාස හානි වූ පවුල් 72කට නව නිවාස ඉදිකිරීම ඇරඹේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්...

GovPay සහ LankaQR මගින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ ඩිජිටල් විප්ලවය IMF අගය කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඩිජිටල්...

නාමල් අධිකරණයට!

කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත...