ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 27 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (13) නියෝග කර තිබේ.
සැකකරු සම්බන්ධයෙන් අධිකරණයේ දි සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම මත මෙම නියෝගය ලබා දී ඇති අතර සැකකරුට එරෙහිව වහාම අධිවෝදනා ගොනු කර අධිකරණයට වර්තා කරන ලෙසද අල්ලස් කොමිසමට නියෝග කරන ලදී.
එහිදී අධිකරණ වෙත කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැවසුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම විසින් කරන ලද මෙම විමර්ශනයට අදාලව ඒකාබද්ධ අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමට කටයුතු කරන බවයි.
එමෙන්ම පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාල විමර්ශන අවසන් අතර විමර්ශන උදෘත නිතිපතිවරයාට යොමු කර ඇති බවයි.
ස්ථීර ත්‍රිපුගල මහාධිකරණය හමුවේ මෙම සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා භාර දී විනිසුරන් තිදෙනෙක් යටතේ නඩු විභාග කිරීමට අගවිනිසුරුවරයාගෙන් ඉල්ලිමක් කර තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දෙන ලදී.
ඒ අනුව මේ නඩුව මින් ඉදිරියට මෙම අධිකරණයේ නොකැඳවන බවද නියෝජ්‍ය සොලිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

