ආර්ථි­කය ඔස­වන පෙර­ළි­කාර ජාතික උපා­ය­මාර්ග

-ආචාර්ය ප්‍රභාත් වීර­සිංහ තොර­තුරු තාක්ෂණ විද්‍යා පීඨය, රුහුණ විශ්ව­වි­ද්‍යා­ලය.

(Seed Fund) ප්‍රධාන අර­මුණ වන්නේ සුළු සමා­ගම් කිහි­ප­ය­කට පම­ණක් මුදල් බෙදා­හැ­රීම නොවේ. මූල­ධ­නය, තාක්ෂ­ණය, සන්නා­ම­ක­ර­ණය, අලෙ­වි­ක­ර­ණය, ජාත්‍ය­ තර සහ­ති­ක­ක­ර­ණය, ගෝලීය වෙළෙ­ඳ­පොළ සම්බ­න්ධතා සහ මඟ­පෙ­න්වීම එකට එක්ක­ර­මින් ව්‍යාපාර 10,000ක් ආරම්භ කිරීමය.

මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික ආර්ථික, ක්‍රියා­කා­ර­ක­ම්වල සමස්ත වටි­නා­කම US ඩොලර් බිලි­යන 100ක් තරම් වේ. එය අප විසින් ඉක්ම­නින් වර්ධ­නය කර­ගත යුතුව ඇත. එය ප්‍රමා­ණා­ත්ම­කව නම්, US ඩොලර් බිලි­යන 300ක තරම්ය. ශ්‍රී ලංකාව එවැනි ආර්ථි­ක­යක් කරා රැගෙන යෑමට වසර 2027 වසරේ ජාතික අය­වැ­යෙන් ඇර­ඹු­මක් ගත යුතුය. මේ ඇර­ඹුම ‘Sri Lanka Global Business & Innovation Seed Fund’ ලෙසින් නම් කර ඇත. මේ ජාතික වැඩ­පි­ළි­වෙළ පිළි­බ­ඳව රුහුණ විශ්ව­වි­ද්‍යා­ලයේ, තොර­තුරු තාක්ෂණ විද්‍යා පීඨයේ, ආචාර්ය ප්‍රභාත් වීර­සිංහ මහතා දැක්වූ අද­හස් ඇසු­රෙන් මේ ලිපිය සැකසේ.

ව්‍යාපාර 10,000කින් ගෝලීය සමා­ගම් 100ක් දක්වා ශ්‍රී ලංකාවේ අනා­ගත ආර්ථික වර්ධ­නය විශාල සමා­ගම් කිහි­ප­යක් මත පම­ණක් රඳවා තැබීමේ පැරණි මොඩ­ල­යෙන් මිදිය යුතුය. ඒ වෙනු­වට නව ව්‍යාපාර දහස් ගණ­නක් ආරම්භ කර, ඒවා­යින් ගෝලීය වෙ‍ෙළ­ඳ­පොළ ජය­ගත හැකි සමා­ගම් සිය ගණ­නක් නිර්මා­ණය කිරීම අර­මුණු කර­ගත යුතුය. ඒ සඳහා රජය, පෞද්ග­ලික අංශය, විදේශ ආයෝ­ජ­ක­යන්, ශ්‍රී ලාංකික ඩය­ස්පෝ­රාව, බැංකු පද්ධ­තිය සහ ජාත්‍ය­න්තර සංව­ර්ධන ආය­තන එකතු කර­මින් National Startup & Export Seed Fund එකක් ස්ථාපිත කිරීම යෝජනා වේ.

මෙම Seed Fund හි අව­සාන ඉල­ක්කය වන්නේ,

1. නව ව්‍යාපාර 10,000ක් ආරම්භ කිරීම

2. අප­න­ය­න­ක­රු­වන් 1,000ක් බිහි­කි­රීම

3. ගෝලීය සමා­ගම් 100ක් නිර්මා­ණය කිරීම

මෙයට සම­ගා­මීව, දැනට ආර්ථික අර්බුද හේතු­වෙන් ඇද­වැටී ඇති නමුත්, සැබෑ ශක්‍ය­තා­වක් සහිත ව්‍යාපාර නැවත නඟා­සි­ටු­වීම සඳහා Entrepreneur Fresh Start – Credit Rehabilitation Programme වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක විය යුතුය. මේ සියල්ල එකතු වූ විට ක්‍රියා­ත්මක වන ජාතික ආර්ථික සූත්‍රය වන්නේ, STARTRESET  REBUILDSCALEEXPORTGLOBALISE යන්නයි.

ප්‍රමු­ඛතා ක්ෂේත්‍ර 11

මෙම ජාතික වැඩ­පි­ළි­වෙළ සාර්ථක කර­ගැ­නීම සඳහා විශේ­ෂිත ප්‍රමු­ඛතා ක්ෂේත්‍ර 11ක් හඳු­නා­ගෙන ඇත. ඉන්දි­යන් සාග­රයේ සාගර හා නාවික ව්‍යාපා­රික මධ්‍ය­ස්ථා­නය කොළඹ, හම්බ­න්තොට සහ දිව­යිනේ අනෙ­කුත් වරා­යන් පද­නම් කර­ග­නි­මින් නව ව්‍යාපාර සඳහා Seed Funding ලබා දිය යුතුය. විශේ­ෂ­යෙන්ම Multi-Country Consolidation, Value-Added Logistics සහ Multimodal Logistics Parks වැනි ක්ෂේත්‍ර ශ්‍රී ලංකාවේ 2026-2030 රාජ්‍ය ආයෝ­ජන සැල­සු­ම්ව­ලද ප්‍රමු­ඛතා ලෙස ජාතික ක්‍රම­ස­ම්පා­දන දෙපා­ර්ත­මේ­න්තුව මඟින් හඳු­නා­ගෙන ඇත. වරාය ආශ්‍රිත සේවා, ගබඩා පහ­සු­කම්, ඇසු­රුම්, නැව් අලු­ත්වැ­ඩි­යාව, Bunkering, Maritime technology, Cargo tracking platforms, සහ ප්‍රාදේ­ශීය බෙදා­හැ­රීමේ මධ්‍ය­ස්ථාන මින් ප්‍රධාන වේ.

ප්‍රති-අප­න­යන සහ ගෝලීය

වෙ‍ෙළඳ මධ්‍ය­ස්ථා­නය

ශ්‍රී ලංකාව භාණ්ඩ නිෂ්පා­ද­නය කරන රටක් පම­ණක් නොව, භාණ්ඩ ගබඩා කර, අගය එකතු කර නැවත අප­න­ය­නය කරන ප්‍රාදේ­ශීය වෙ‍ෙළඳ මධ්‍ය­ස්ථා­න­යක් බවට පත් විය යුතුය.

ඉන්දි­යාවශ්‍රී ලංකාවඅප්‍රි­කාව / මැද­පෙ­ර­දිග

චීනයශ්‍රී ලංකාවඅප්‍රි­කාව

අග්නි­දිග ආසි­යාවශ්‍රී ලංකාවමැද­පෙ­ර­දිග

වැනි ගෝලීය සැප­යුම් දාම­යන් සඳහා ශ්‍රී ලංකාවේ භූගෝ­ලීය පිහි­ටීම, නිද­හස් වෙ‍ෙළඳ ගිවි­සුම් සහ වරාය පහ­සු­කම් භාවිත කර­මින් මධ්‍ය­ස්ථා­න­යක් විය හැකිය.

ගෝලීය සේවා සැප­යුම

ශ්‍රී ලංකාවේ ප්‍රධා­න­තම සම්පත වන මානව සම්පත සහ සන්නි­වේ­දන කුස­ලතා උප­යෝගි කර­ග­නි­මින්, Seed Fund අර­මු­දල හරහා තොර­තුරු තාක්ෂ­ණය, AI, BPO, KPO, ඉංජි­නේරු, නීති, ගිණු­ම්ක­ර­ණය සහ ඩිජි­ටල් අලෙ­වි­ක­ර­ණය වැනි ගෝලීය සේවා අප­න­යන සමා­ගම් ආරම්භ කිරී­මත්, එම­ඟින් තරුණ පර­පුර රැකියා සොය­න්නන්ගේ තත්ත්ව­යෙන් මුදා­ගෙන ලෝක­යට සේවා අප­න­ය­නය කරන ව්‍යව­සා­ය­ක­යන් බවට පත්කි­රී­මත් මෙහි ප්‍රධාන ඉල­ක්කය වේ.

අමු කෘෂි­කා­ර්මික නිෂ්පා­දන ලෙස ද්‍රව්‍ය පිට­රට යැවීම වෙනු­වට අගය එකතු කළ නිෂ්පා­දන සඳහා Seed Funding ලබා­දිය යුතුය. පල­තුරු, එළ­වළු, කුළු­බඩු, පොල් නිෂ්පා­දන, කුරුඳු, ගම්මි­රිස්, කාබ­නික ආහාර, සැකසූ ආහාර, මුහුදු ආහාර සහ මල් වගාව වැනි ක්ෂේත්‍ර මෙහිදී ප්‍රමුඛ වේ. ගොවියාසැක­සීමසන්නා­ම­ක­ර­ණයසහ­ති­ක­ක­ර­ණයගෝලීය අලෙ­වි­ක­ර­ණයඅප­න­ය­නය යන සම්පූර්ණ අගය එකතු කිරීමේ දාමය ගොඩ­නැ­ඟිය යුතුය.

නූතන පාලිත පරි­සර කෘෂි කර්මා­න්තය නව පර­පුරේ කෘෂි­ ක­ර්මා­න්තය උදෙසා Greenhouses, Vertical farming, Hydroponics, Precision agriculture, Smart irrigation, Climate-controlled farming, AgriTech සහ අප­න­යන ඉලක්ක කර­ගත් ගොවි­පළ සඳහා ආයෝ­ජ­නය කළ යුතුය. මෙම නිෂ්පා­දන දේශීය වෙ‍ෙළ­ඳ­පො­ළට පම­ණක් නොව ගල්ෆ් කලා­පය, ඉන්දි­යාව, යුරෝ­පය සහ ආසි­යානු වෙ‍ෙළ­ඳ­පොළ ඉලක්ක කර­ගත යුතුය.

ඖෂධ නිෂ්පා­ද­නය

ශ්‍රී ලංකා­වට අවශ්‍ය ඖෂධ විශාල වශ­යෙන් ආන­ය­නය කිරීමේ තත්ත්වය වෙනස් කර Local Production  Regional Export මොඩ­ල­යට අව­තීර්ණ විය යුතුය. සාමාන්‍ය ඖෂධ, වෛද්‍ය පරි­භෝ­ජන ද්‍රව්‍ය, ඖෂධ ඇසු­රුම්, ශාක­සාර ඖෂධ, ආයු­ර්වේද නිෂ්පා­දන, වෛද්‍ය උප­ක­රණ සහ රසා­ය­නා­ගාර නිෂ්පා­දන වැනි ව්‍යාපාර සඳහා Seed Funding ලබා දීමෙන් විදේශ විනි­මය ඉතිරි කර­ගන්නා අත­රම නව අප­න­යන ආදා­යම් මාර්ගද විවර වේ.

සෞඛ්‍ය සංචා­රක ව්‍යාපා­රය

දේශීය වෛද්‍ය සේවා, ආයු­ර්වේ­දය, සුව­තාව , පුන­රු­ත්ථා­පන සේවා සහ සංචා­රක ව්‍යාපා­රය එකට යා කර­මින් ‘Sri Lanka Health & Wellness Hub’ නිර්මා­ණය කළ හැකිය. මෙයින් විදේ­ශීය රෝගීන් මෙන්ම ඔවුන් සමඟ පැමි­ණෙන පවු­ල්වල සාමා­ජි­ක­ය­න්ගෙන්ද සංචා­රක ආදා­යම් උප­යා­ගත හැකිය. වෛද්‍ය විද්‍යාල, පෞද්ග­ලික රෝහල්, ආයු­ර්වේද මධ්‍ය­ස්ථාන සහ හෝටල් පද්ධ­තිය එක් කර­මින් ජාත්‍ය­න්තර මට්ටමේ Health packages නිර්මා­ණය කළ යුතුය.

‘ලංකා තේ’ හිමි­කම

තේ කොළ තොග වශ­යෙන් විකි­ණීමේ සාම්ප්‍ර­දා­යික ක්‍රම­යෙන් මිදී සිලෝන් තේඋසස් තත්ත්වයේ වෙළඳ නාමය ගෝලීය සිල්ලර වෙ‍ෙළඳ නාමය තත්ත්ව­යට පරි­ව­ර්ත­නය විය යුතුය. Seed Fund මඟින් නව ශ්‍රී ලාංකික තේ සන්නාම සඳහා වෙ‍ෙළඳ නාම­ක­ර­ණය, ඇසු­රු­ම්ක­ර­ණය, විදත් වාණි­ජ්‍යය, ඩිජි­ටල් අලෙ­වි­ක­ර­ණය, ජාත්‍ය­න්තර සහ­ති­ක­ක­ර­ණය, ගෝලීය බෙදා­හැ­රීම සහ ෆ්‍රැන්ච­යිස් ආකෘති සඳහා මූල්‍ය සහ තාක්ෂ­ණික සහාය ලබා දිය යුතුය.

මැණික් හා ස්වර්ණා­භ­රණ

ශ්‍රී ලංකාවේ වටිනා නිල් මැණික් සහ ස්වර්ණා­භ­රණ සඳහා ජාත්‍ය­න්තර ඩිජි­ටල් අලෙ­වි­පො­ළක් ලෙස ‘Sri Lanka Global Gem & Jewellery Portal’ ස්ථාපිත කළ හැකිය. ලියා­ප­දිංචි විකු­ණු­ම්කරුමැණික් සහ­තික කිරීමඩිජි­ටල් ලැයි­ස්තු­ගත කිරීමජාත්‍ය­න්තර ගැනු­ම්කරුආර­ක්ෂිත ගෙවීමඅප­න­ය­නය යන විනි­වි­ද­භා­ව­යෙන් යුතු ඩිජි­ටල් ක්‍රියා­ව­ලිය හරහා ජාත්‍ය­න්තර ගැනු­ම්ක­රු­වන් ආක­ර්ෂ­ණය කර­ගත හැකිය. Duty Free සංකල්ප ක්‍රියා­ත්මක කිරී­මේදී රජයේ බදු ආදා­යම්, මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ නීති (AML/CFT) සහ රේගු පාල­න­යන් සුර­කි­මින් විශේෂ බන්ධිත / නිද­හස් වෙ‍ෙළඳ යන්ත්‍ර­ණ­යක් සලකා බැලීම ප්‍රායෝ­ගික වේ.

ව්‍යව­සා­ය­ක­යාට නව ඇර­ඹු­මක්

ආර්ථික අර්බුද හමුවේ CRIB කළු ලැයි­ස්තු­වට ලක්ව අඩ­පණ වී සිටින දේශීය ව්‍යව­සා­ය­ක­යන් උදෙසා ජාතික ව්‍යව­සා­යක නව ආර­ම්භක සහ ණය ප්‍රති සැක­සුම් වැඩ­ස­ට­හ­නක් අත්‍ය­වශ්‍ය වේ. මෙය හුදෙක් ණය කපා හැරී­මක් (CRIB Zero) නොව ක්‍රම­වත් ණය පුන­රු­ත්ථා­පන වැඩ­පි­ළි­වෙ­ළකි.

මූල්‍ය­මය වශ­යෙන් පීඩ­න­යට පත්ව ඇති නමුත් ක්‍රියා­කාරි ව්‍යාපාර අර්බු­ද­යට පත්ව ඇති නමුත් නැවත නැඟී සිටිය හැකි ව්‍යාපාර ක්‍රියා­ත්මක කළ නොහැකි ව්‍යාපාර යන අංශ තුනට වෙන වෙනම විස­ඳුම් ලබා දෙමින් ප්‍රති­මූ­ල්‍ය­ක­ර­ණය, ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීම, කාරක ප්‍රාග්ධ­නය සහ නැවුම් ආර­ම්භක සහ­ති­කය සහ නව ආර­ම්භක සහ­ති­කය එකක් ලබා දිය යුතුය. මෙහිදී අර්ධ ණය ඇප­ක­රය ක්‍රම­වේ­ද­යක් (බැංකුව 70%, රජය 20%, ව්‍යව­සා­ය­කයා 10%) යටතේ ‘නව වින­යක් නොමැ­තිව නව මුදල් නැත’ යන තද­බල මූල්‍ය විනය ප්‍රති­ප­ත්තිය මත කට­යුතු කළ යුතුය.

ජාතික ආර්ථික පරි­ව­ර්ත­නය1

මෙම ආර­ම්භක අර­මු­දලේ (Seed Fund) ප්‍රධාන අර­මුණ වන්නේ සුළු සමා­ගම් කිහි­ප­ය­කට පම­ණක් මුදල් බෙදා­හැ­රීම නොව, මූල­ධ­නය, තාක්ෂ­ණය, සන්නා­ම­ක­ර­ණය, අලෙ­වි­ක­ර­ණය, ජාත්‍ය­න්තර සහ­ති­ක­ක­ර­ණය, ගෝලීය වෙළෙ­ඳ­පොළ සම්බ­න්ධතා සහ මඟ­පෙ­න්වීම එකට එක්ක­ර­මින් ව්‍යාපාර 10,000ක් ආරම්භ කර, ඒවා­යින් 1,000ක් අප­න­ය­න­ක­රු­වන් බව­ටත්, අව­සා­නයේ 100ක් ගෝලීය දැවැන්ත සමා­ගම් බව­ටත් පත්කර සමස්ත ජාතික ආර්ථි­ක­යම විශාල පරි­ව­ර්ත­න­ය­කට ලක් කිරී­මයි.

ව්‍යව­සා­ය­ක­යාට පණි­වි­ඩ­යක්

මෙම පෙර­ළි­කාර උපා­ය­මා­ර්ගික වැඩ­පි­ළි­වෙළ මඟින් ශ්‍රී ලාංකේය ව්‍යව­සා­ය­ක­යාට ලබා දෙන ප්‍රබ­ල­තම පණි­වි­ඩය වන්නේ: ‘ඔබේ අතීත මූල්‍ය ගැට­ලුව ඔබේ ව්‍යාපා­රයේ අනා­ග­තය සම්පූ­ර්ණ­යෙන් තීර­ණය නොක­රයි. ඔබේ ව්‍යාපා­රය ශක්‍ය එකක් නම්, ඔබට නැවත ආරම්භ කිරී­මට සහ ලෝකය ජය ගැනී­මට පූර්ණ අව­ස්ථා­වක් තිබේ’ යන්නයි. 2027 ජාතික අය-වැයෙන් ඇර­ඹුම ගනි­මින් ශ්‍රී ලංකාව ඩොලර් බිලි­යන 300ක ගෝලීය ආර්ථික බල­ව­තකු බවට පත් කිරීමේ මෙම ජාතික සැක­සුම, අප රට හමුවේ ඇති වඩාත්ම ප්‍රායෝ­ගික සහ කාලෝ­චිත ආර්ථික මාව­තයි.

ජය­සිරි මුණ­සිංහ

දිනමිණ ඇසුරිණි

  1. ↩︎

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති යළි රිමාන්ඩ්!

කොළඹ LNW: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන...

සිරගත වන හිමිවරුන්ගේ චීවරය ගැන තීරණයක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉදිරියේදී යම් යම් වැරදි සම්බන්ධව බන්ධනාගාරගත වන...

ආරක්ෂක ප්‍රමාදයෙන් පසු රොනාල්ඩෝගේ ජයග්‍රාහී දස්කම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : සෞදි අරාබියේ රියාද්...

ට්‍රම්ප් සහ නෙතන්යාහු අතර වෙනස් වන සබඳතාව: 2026 ඊශ්‍රායල මැතිවරණය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ඓතිහාසික මිත්‍රත්වයක...