මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන වෙත ලැබෙන සහනය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉන්ධන මිල ඉහළ ගියද රජය වැඩි බරක් දරා ගනිමින් ජනතාවට ලබාදිය හැකි උපරිම සහනය ලබාදී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

ඒ අනුව ඉන්ධන සඳහා වන සහනාධාරය සඳහා භාණ්ඩාගාරයෙන් මේ වන විටත් රුපියල් බිලියන 100ක මුදලක් ලබාදී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

”ලෝකයේ බොහෝ රටවල් තෙල් මිල වැඩි කරලා තියෙනවා. එහෙම තිබියදී අපේ රජය බිලියන 41ක් දාලා තෙල් මිල වැඩිවීම ජනතාව මත එලෙසම පටවන්නේ නැතිව පාලනය කරගෙන ඉන්නවා. මේ මිල වැඩිවීමත් එක්ක වේගයෙන් සහ විශාල ලෙස මිල වැඩි කළ යුතුයි. පහුගිය අප්‍රේල් මාසයෙත් අපි ඒ වැඩේ කළේ නෑ. අපි ඒ වෙනුවට බිලියන 57ක කොටසක් ඒ වෙලාවේ රජය දරා ගත්තා. මෙවරත් බිලියන 41ක් දරාගෙන තිබෙනවා. ගතවූ මාස 4-5 ඇතුළතදී රුපියල් බිලියන 100ක් විතර රජය තෙල් මිල එලෙසම ජනතාව මත පටවන්නේ නැතිව දරාගෙන තිබෙනවා. ඒ නිසා රජයක් විදිහට කළ යුතු වෙන්නේ භාණ්ඩාගාරය කළමනාකරණය කරගනිමින් ජනතාවගේ බදු මුදල් මෙවැනි අවස්ථාවක ජනතාව වෙත අවම බර පටවමින් ක්‍රියාත්මක කිරීම ඒක අපි කරනවා. ඒක භාණ්ඩාගාරයට දරාගත හැකි උපරිම සීමාවට අපි ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා.”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (13) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...

“අලුත් රටක් හැදීමට දියුණු මානවයෙකු බිහි කළ යුතුයි – පෙරපාසල එහි ප්‍රධානම පදනමයි” : අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ප්‍රජා ඵලදායිතා ප්‍රවර්ධන...

යෝෂිතගේ නේවි නඩුව : පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම කෙරේ

නිසි සුදුසුකම් සපුරා නොතිබියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ...